Holy Face Association – Gonawila | ගෝනාවිල ශ්‍රී වත මණ්ඩල සමිතිය
“ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී මුහුණේ දයාව තුළින් හා එතුමන්ගේ පිහිටාශිර්වාදයෙන් අධ්‍යාත්මික ජීවිතයක් කරා පිය නගමු”
“Let’s lead a spiritual life with the mercy of Holy Face of Jesus & his blessings.”
Helena Women’s Association | හෙලේනා කාන්තා සමිතිය
“දේව සේවිකා හෙලේනා තුමියගේ මැදිහත්කම මගින් ගම්වාසී ජනතාවට සේවාවක් සලසනු වස් 2016 වර්ෂයේ සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුත් හෙලේනා කාන්තා සමිතිය ආරම්භ කළ අතර අද වන විටත් ඒ ක්‍රියාකාරීව පවතී.”
“කාන්තා සමිතිය ආරම්භ කිරීමේ අරමුණ වූයේ ගරු හෙලේනා තුමියව ශුද්ධවරයට එසවීමේ අරමුණෙන් යැදීමත්, එතුමියගේ මැදිහත්කම මත රෝගී අයවලුන් සඳහා ආධ්‍යාත්මික, මානසික, ශාරීරයක සුවය පතා යාච්ඤා කිරීමත්ය.”
“ Helena Women’s Society with 25 members was established in 2016 to provide service to the villagers through the intervention of Reverend Helena, a minister and it is still active today.”
“The purpose of starting the Women’s Society was to raise the Reverend Helena to the Sainthood and through her intervention to seek spiritual, mental and physical healing for the sick.”
Helena Foundation – Gonawila | හෙලේනා පදනම – ගෝනාවිල
“සැබෑ දෙවි වූද, සැබෑ මනුෂ්‍යයා වූද, ජේසු ස්වාමිදරුවාණන් අපගේ ගැළවීම උදෙසා වින්දාවූ දුඃඛ ප්රාප්තියේ විලාශයක් යම් මනුෂ්‍යයකු කෙරෙහි ප්‍රකාශ වීම මනුෂ්‍යයන්ගේ සිත් කම්පා කරවන දර්ශනයකි. මෙවැනි දර්ශනයක් මෙලොවෙහි ප්රත්යක්ෂ වන්නේ කලාතුරකිනි. ශුද්ධවූ සභාවේ ඉතිහාසගත ලියකියමන් වලින් පෙනෙන හැටියට මෙබඳු දේව වරමක් පළමුවරට ලබා ගැනීමට භාග්‍ය ලද්දේ වර්ෂ 1224 දී අසීසියේ ශු. ප්‍රැන්සිස් තුමාය. ඉන්පසු දේව දයාවෙන් පූර්වෝක්ත විශේෂිත දේව වරප්‍රසාදය අත් වූ 321 වැනි තැනැත්තිය වන්නේ දේව සේවිකා හෙලේනා තුමිය බව සභා ඉතිහාසය සාක්ෂි දරයි.”
“තම දරුවන්ගේ ශුද්ධවන්ත භාවය ගැන තීරණය කිරීම අප සභා මාතාව වන ශුද්ධවූ සභාවට පමණක්ම අයිති කාර්යයකි. දේව අදහස් අපි නොදනිමු. එහෙත් දිව්‍ය කුමාරයාණන්ගේ දාසිය වන හෙලේනාගේ කීර්තිය පිළිබඳ යම් වන්දනීය දේව අභිප්රායක් වේද එය එසේම සිදුවේවා යැයි දෙවි පියාණන්ට යැදීම අපගේ යුතුකමකි.”
සටහන:
“දේව සේවිකා ගරු හෙලේනා තුමිය භාග්යයවරයට එසවීම පිළිබඳ යාච්ඤාව ඔබගේ පුද්ගලික යැදුම් වලදීත් ඉරුදින දිව්‍ය පූජාව අවසානයේදී පොදුවේත් උච්චාරණය කරන ලෙස ශ්‍රී ලාංකීය ඔබ සැමගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.”
“ඔබගේ අවශ්‍යතාවයන්හිදී එතුමියගේ මැදිහත්කම ඉල්ලා යාච්ඤා කර ඔබට විශ්වාස කල හැකි අන්දමේ සුවයක් හෝ බලාපොරොත්තු ඉටු වීමක් සිදුවී නම්, එය ලිඛිතව අප මීසම් භාර ගරු පියතුමා වෙත යොමු කරන්න.”
# ගරු මීසම්භාර පියතුමා, ශු.ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානය, ගෝනාවිල, දංකොටුව, ශ්‍රී ලංකාව #
Location – Google Map