Death & Burial



“Having completed 82 years of age that shone with virtue, and full of heavenly merits, Helena passed away on the 8th of February 1931 at Gonawila. As soon as the news about her death spread, large crowds of devotees flocked to pay last respects to her remains as they would to the body of a sacred person.”

“හෙලේනා වර්ෂ 82ක් ආයු වළඳා, පින් කුසලින් පිරි, ධර්මධර චරිතයක අලංකාරය බබළවමින් වර්ෂ 1931 පෙබරවාරි මස 8 වන දින ගෝනාවිල දී කාලක්‍රියා කළා ය. ඇගේ මරණය ගැන ආරංචිය පැතිර ගිය විට, සෑම අතින්ම ජන සමූහයා පැමිණ, ශුද්ධවූ ශරීරයකට පෙන්වන ගරු සම්මානය ඇගේ මෘත කලේබරයට පෙන්නූහ.” ~

“හෙලේනා චරිතය”

1931 පෙබරවාරි 08 වන දින දී ස්වර්ගස්ථ වූ ගරු හෙලේනා තුමියගේ ශ්‍රී දේහය, එතුමිය ජීවත්ව සිටි නිවස ඉදිරිපිට වඩවා තබා බුහුමන් කළ අයුරු



“With the permission of the Archbishop, her remains were lay in state in Gonawila Church for one full day, and on the 10th, after the Holy Mass, her remains were interred in Gonawila cemetery respectfully carried there in procession comprising a very large crowd of clergy and laity.”

“අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ අවසරය පිට මෘත දේහය ගෝනාවිල දේවස්ථානයේ මුළු දිනයක්ම සයනාසනය මත වඩවා තබා දහවන දින දිව්‍ය පූජාවෙන් පසු ගිහි පැවිදි මහා පිරිසක් එය ගෞරවයෙන් ඔසවාගෙන ගොස් ගෝනාවිල මිනී පිට්ටනියේ මිහිදන් කළා හ.” ~

“හෙලේනා චරිතය”

ගෝනාවිල දෙව් මැඳුර ඉදිරිපිට සුසාන භූමියේ ගරු හෙලේනා තුමිය මිහිදන් කර ඇති ස්ථානය
එතුමියගේ ශ්‍රී ශරීරය තැන්පත් කර ඇති ස්ථානය වසා ඇති සමරු ඵලකය

ක්‍රි.ව. 1848 ඔක්තෝබර් මස උපත ලබා 1870 සිය සිරුරේ අප සමිඳුන්ගේ ශ්‍රී වණ  කැලැල් දැරීමේ අති දුර්ලභ භාග්‍ය ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වීම. ක්‍රි.ව. 1931 පෙබරවාරි මස 08 දින ස්වර්ගීය උපත ලැබූ එතුමිය වාසය කළ මෙම පුන්‍ය භූමියේ මෙම විශේෂ ස්මාරකය ගම්වාසීන් විසින් ඇයගේ 150 වන ශ්‍රී වණ කැලැල් ලැබීම සැමරීම වෙනුවෙන් මතු පරපුරේ දැනගැනීම සඳහා 2020 පෙබරවාරි 08 දින ඉදිකරන ලදී.