About Us

Helena Foundation – Gonawila | හෙලේනා පදනම – ගෝනාවිල

“සැබෑ දෙවි වූද, සැබෑ මනුෂ්‍යයා වූද, ජේසු ස්වාමිදරුවාණන් අපගේ ගැළවීම උදෙසා වින්දාවූ දුඃඛ ප්‍රාප්තියේ විලාශයක් යම් මනුෂ්‍යයකු කෙරෙහි ප්‍රකාශ වීම මනුෂ්‍යයන්ගේ සිත් කම්පා කරවන දර්ශනයකි. මෙවැනි දර්ශනයක් මෙලොවෙහි ‍ප්‍රත්‍යක්ෂ වන්නේ කලාතුරකිනි. ශුද්ධවූ සභාවේ ඉතිහාසගත ලියකියමන් වලින් පෙනෙන හැටියට මෙබඳු දේව වරමක් පළමුවරට ලබා ගැනීමට භාග්‍ය ලද්දේ වර්ෂ 1224 දී අසීසියේ ශු. ප්‍රැන්සිස් තුමාය. ඉන්පසු දේව දයාවෙන් පූර්වෝක්ත විශේෂිත දේව වරප්‍රසාදය අත් වූ 321 වැනි තැනැත්තිය වන්නේ දේව සේවිකා හෙලේනා තුමිය බව සභා ඉතිහාසය සාක්ෂි දරයි.

“තම දරුවන්ගේ ශුද්ධවන්ත භාවය ගැන තීරණය කිරීම අප සභා මාතාව වන ශුද්ධවූ සභාවට පමණක්ම අයිති කාර්යයකි. දේව අදහස් අපි නොදනිමු. එහෙත් දිව්‍ය කුමාරයාණන්ගේ දාසිය වන හෙලේනාගේ කීර්තිය පිළිබඳ යම් වන්දනීය දේව අභිප්‍රායක් වේද එය එසේම සිදුවේවා යැයි දෙවි පියාණන්ට යැදීම අපගේ යුතුකමකි.”

Location – Google Map